මෑත කාලයේදී ඉහළ ජනප්‍රියත්වයක් ලද Renault Kwid මෝටර් රථ මාදිලියේ නවතම සාමාජිකයා වන Renault Kwid Climber පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.
වේග 5 ක ගියර් පද්ධතියකින් සමන්විත මෙය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.30 කට මිල නියම කර ඇති අතර AMT ගියර් මාදිලියෙන් එන රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.60 කි.
අඩු මිල, කුඩා මෝටර් රථ කාණ්ඩය සඳහා SUV මුහුණුවර හඳුන්වා දීමට පියවර ගැනීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට Renault Kwid ඉමහත් ජනාදරයට පත්වූ අතර මෙම හේතුව නිසාම එහි මෝස්තරය හා හැඩය තවදුරටත් වැඩිදියුණු කිරීමට Renault සමාගම සැලසුම් කරන ලදී.
ඒ අනුව Renault Kwid Climber වෙළෙඳපොළට හඳුන්වා දීමට Renault සමාගම පියවර ගනු ලබන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
එසේම එය පෙර මාදිලියට වඩා වැඩි වශයෙන් හුරුබුහුටි SUV මුහුණුවර ගෙන තිබෙන බවද විශ්ලේෂකයින්ගේ අදහසයි.
Renault Kwid මෝටර් රථය හඳුන්වා දුන් දින සිට 130,000 කට අධික වාහන ඒකක ප්‍රමාණයක් මේ දක්වා අලෙවි කර ඇති අතර පසුගිය පෙබරවාරි මාසයේ දී පමණක් ඒකක 11,198 ක් අලෙවි කර තිබේ.













