FAST NEWS

24×7 Around the Globe

මානසික ආතතියෙන් පෙලෙන දරුවන් සිටින රට මෙන්න…

සිරියාවේ පවතින යුධමය වාතාවරණයත් සමඟ එරට වෙසෙන ළමුන් මිලියන සංඛ්‍යාවක් මානසික ආතතියෙන් පෙලෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

“ සේව් ද චිල්ඩ්රන් “  ආයතනය විසින් සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව වයස අවුරුදු 6ට අඩු දරුවන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස මානසික පීඩාවෙන් පෙලෙන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම, කලහකාරී ලෙස හැසිරීම, නින්දේදී මුත්‍රා පිටවීම යන මානසික තත්ත්වයන්ගෙන් ඔවුන් පෙලෙන බව අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

එසේම මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද වාර්තා වේ.