FAST NEWS

24×7 Around the Globe

කරූට කුණුහරුපයෙන් බැණුම්! – ගම්මන්පිල යොජනාවකුත් කරයි…

කතානායක කරූ ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවේදී ඔළුව නැමුවද පිටත බොහෝ තැන්වලදී කුණුහරුපයෙන් බැණ වදින බවත් ඔහු දැන් කල යුත්තේ තමන්ට ආදරේ නම් කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීම බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මාධ්‍ය අමතමින් මන්ත‍්‍රිවරයා කියා සිටියේ කරු ජයසුරිය මහතා කථානායක ලෙස පත් වූ පසු ඔහුගේ ගෞරවය වේගයෙන් කෙළෙසෙන්න පටන් ගෙන ඇති බවයි.

ගිය පාර්ලිමේන්තුවේ කතානායකයා වූ චමල් රාජපක්ෂ ඉතා ගරු කටයුතු ලෙස හැසිරුනු බවත් අද කථානායකවරයා විධායකයේ සුච්ච කීකරු හුරතලයෙක් වී ඇති බවටද ඔහු චෝදනා කලේය.

කරූ ජයසූරිය මහතා දැන් කල යුතු එකම දෙය නම් තම ආත්ම ගෞරවය රැකගෙන වහාම කථානායක ධූරයෙන් ඉවත්වීම බවද ඔහු වැඩි දුරටත් පැවසීය.