FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා ගැන ගෝඨා කියයි…

යුද සමයේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩන ලද කොටි සංවිධානය මෙන්ම ඔවුනට උඩ ගෙඩි දුන් දෙමල සන්ධානය අද වන විට මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා වී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද විරුවන්ගේ විත්ති වාචිකය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පිරිනැමීම සදහා කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අද වන විට ප‍්‍රභාකරන් දේවත්වයෙන් පුදකරන්නටත් මහින්ද ගෝටා ඇතුළු රණවිරුවන් සියළු දෙනා මිනීමරුවන් හොරුන් කර ඇති බවත් ඔහු පවසා සිටියේය.