FAST NEWS

24×7 Around the Globe

කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය භාර ගැනීමට කිසිවෙකු නෑ..

මැලේසියාවේදී ඝාතනයට ලක්වූ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරයා වු  කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය භාරගැනීමට මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත්ව නොමැති බව එරට රජය සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

විෂ ශරීරගත කරවීමක් හරහා දැනට මසකට පමණ පෙරදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජෝන්ග්-නාම් ඝාතනයට ලක් වු බවද මාධ්‍ය වාර්තා කර තිබුණී.

මෙ වන විට  මැලෙසියාවේ ක්වාලලම්පූර් නුවර මෘත ශරීරාගාරයක දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැන්පත් කර ඇති නාම්ගේ සිරුර භාරගැනීම සඳහා තවත් සති දෙක තුනක කාලයක් ඔහුගේ ඥාතීන්ට ලබාදෙන බව පවසන මැලේසියානු රජය ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් ගන්නා බව අවධාරණය කර ඇති බව සඳහන්.

උතුරු කොරියානු රජය මුල සිටම මෘත ශරීරය ඉල්ලා සිටි අතර, මෙම මරණය සම්බන්ධයෙන් ඇති වූ මතභේදමත එය මෙතෙක් සිදු නොකෙරිණි.

(ADS)