පසුගිය මාස අටක් වැනි කාල සීමාවක් තුළ දිගින් දිගටම තමාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරාගැනීම හේතුවෙන් සිය පිතිකරණය වඩාත් ශක්තිමත් වී ඇතැයි ක්‍රීක් ඉන්ෆො වෙබ්අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සඳහන් කර තිබේ.
එසේම පසුගිය මාස අට පුරාවට දිගින් දිගටම ක්‍රීඩා කිරීම සිය මානසික තත්ත්වයට යහපත් වීමට බෙහෙවින් ඉවහල් වීමට හේතු වූ බව පවසා ඇත.
“තේරීම් නිලධාරීන්ට මං ගැන විශ්වාසයක් ඇති බව මට දැනුනා. විශේෂයෙන් සිම්බාබ්වේ තරගාවලියේදී හොඳ පන්දු යවන්නන් හමුවේ ලකුණු ගන්න පුළුවන් වීමත් එක්ක මගේ ආත්ම විශ්වාසය වැඩිවුණා,”
“පසුගිය අවුරුදු දෙක තුනේදී මම කණ්ඩායමට එක්වුනේ අතරින් පතර. එක තරගාවලියක් සෙල්ලම් කළාට පස්සෙ ඊළඟ එකෙන් හැලෙනවා. ක්‍රීඩකයෙකුට එහෙම වුනාම ආත්ම විශ්වාසය තියාගන්න අමාරුයි.”
සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන තරංග, පසුගිය කාල සීමාව තුළ පිතිකරු ලැයිස්තුවේ ඉහළ පහළ ස්ථානයන් හි ක්‍රීඩා කිරීම පිළිබඳවද උපුල් තරංග ක්‍රීක් ඉන්ෆෝ සමග වැඩි දුරටත් අදහස් දක්වා තිබේ.
“පිතිකරු ලැයිස්තුවේ තැනින් තැනට මාරු වීමේදී තරමක් අසීරුයි. මොකද ආරම්භක පිතිකරුවෙකු විදියට හා මැදපෙළ පිතිකරුවෙකු විදියට සෙල්ලම් කරන්න වෙන්නෙ දෙවිදියකට. ක්‍රීඩකයෙක් විදියට මං කැමති මගේ පුරුදු තැන, ඒ කියන්නේ ආරම්භක පිතිකරුවෙක් විදියට සෙල්ලම් කරන්න. එහෙම සෙල්ලම් කරද්දි මට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒත්, අන්තිමේදි කරන්න ඕන කණ්ඩායමට හොඳම දේ නෙ. ඒ දේ කරන්න මම සතුටුයි.”
(ADS)