FAST NEWS

24×7 Around the Globe

ආබාධයෙන් පසු මැතිව්ස් පිටියට ආ හැටී… (ඡායාරූප)

සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් රංගන හේරත් බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජයගෙන පිට පිට ටෙස්ට් තරග ජයග්‍රහණයේ ආශ්වාදය ශ්‍රී ලංකා පිලට ලබාදුන්නේය.

එමෙන්ම ඔහු ගාල්ලේ පැවැති ප්‍රථම බංග්ලාදේශ ටෙස්ට් තරගයේ කඩුලු 6ක් දෙවැනි ඉනිමේ ලබමින් වමත් දඟපන්දු යවන්නන් අතර ලොව වැඩිම කඩුලු ලාභියාද විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රථම ටෙස්ට් තරගය පැවැති අතරේදී ශ්‍රී ලංකා පි‍ලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද නැවතත් ආබාධයෙන් පසුව පුහුණුවීම්වල යෙදී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

පසුගිය දකුණු අප්‍රිකානු ඕවර විස්ස-20 තරගාවලියේ දෙවැනි තරගයේ සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිටියදී පාදයේ ආබාධයට පත්වූ මැතිව්ස් ඉන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටියේ වෛද්‍ය උපදෙස් පිටය.

කෙසේ වුවත් මේ වනවිට මැතිව්ස් නැවතත් පාදයේ ආබාධය සුවවීම නිසා ශාරීරික අභ්‍යාසවල යෙදීම අරඹා ඇති බවත් ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුරදී මැතිව්ස් හතරේ සීමාවෙන් පිටත සිට නිකොලස් ලී සමග ශාරීරික අභ්‍යාසයේ යෙදී සිටි අයුරු වාර්තා විය.

එම ඡායාරූප පහතින්..