ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන සාම්ප්‍රදායික කියමන අභියෝගයට ලක්කරමින් ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වන්නන් පිළිබඳව ඉදහිට හෝ කතා අසන්නට ලැබේ.
එංගලන්තයේ ජොන් සර්ටීස්ද එවැනි ආකාරයට සාර්ථක වූ ක්‍රීඩකයෙක් වන අතර ෆෝමියුලා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත්, මෝටෝ ජීපී ක්ෂේත්‍රය තුළත් ඔහු දක්ෂතා දක්වමින් එම ක්ෂේත්‍ර දෙක තුළම ලෝක ශූරතා ජයග්‍රහණය කිරීමට ජෝන් සමත්ව තිබුණි.
ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා පළමු ක්‍රීඩකයා ඔහු වූ අතර මෙම අග්‍රගණ්‍ය ක්‍රීඩකයාගේ වියෝව පසුගිය සිකුරාදා දිනයේදී සිදුවිය.
ඔහු 3500 සීසී හා 500 සීසී යතුරුපැදි හරහා අවස්ථා හතක් මෝටෝජීපී ලෝක ශූරතා ජයග්‍රහණය කර ඇති අතර 1964 වසරේදී ජෝන් පළමුවරට ෆෝමියුලා ලෝක ශූරතාවලිය ජයග්‍රහණය කරන ලදි.




















