FAST NEWS

24×7 Around the Globe

‘පාර්ලිමේන්තුව රටට අවශ්‍ය නෑ කියලා විකුණලා දාන්නලූ…’

”අවුරුදු 25ක් මම දේශපාලනයේ ඉඳලා තියනවා. මම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ, විරුද්ධ පක්ෂයේ දෙකේම ඉඳලා තියනවා. කවදාවත් නැති විදියට දැන් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වෙලා තියනවා. ඒකත් අලුතෙන් පාර්ලිමේන්තුවට ආපු අයගේ හැසිරීම් රටාව නිසා බොහෝ ප්‍රශ්න මේ වෙනකොට ඇති වෙලා තියනවා. ඒ වගේම ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් රටාව මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට වටින්නෙ නෑ”

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පවසා සිටියේ අඟුණකොළපැලැස්ස නගරයේ නව ධිවර අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

”ජනතාවට පාර්ලිමේන්තුව එපා වෙන තත්ත්වයට පත් වෙලා. ඒ නිසාම තමයි කියන්නෙ පාර්ලිමේන්තුව විකුණලා දාන්න කියලා වෙබ් අඩවි වල තියනවා. පාර්ලිමේන්තුව රටට අවශ්‍ය නෑ කියන තත්ත්වයට පත්වෙලා තියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් සියලුම දෙනාට වගකීමක් තියනවා මන්ත්‍රීවරුන්ගේ ගෞරවය වගේම මහජන නියෝජිතයෝ ලෙස පත්වන්නේ ජනතා ඡන්දය නිසා ඒ අයගේ ගෞරවය ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. ඒ කටයුත්ත සිද්ධවෙන්නේ නැති එක කණගාටුවක්” බව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසීය.