FAST NEWS

24×7 Around the Globe

වැන්දඹුවන් හෝලි උත්සවය සැමරූ හැටී… (ඡායාරූප)

පසුගියදා පැවති හෝලි උත්සවයත් සමග ඉන්දියාව විවිධ පැහැයන්ගෙන් වර්ණවත් විය.

ආදරයේ හා වර්ණ වල උත්සවයක් වන හෝලි, ලොව පුරා සමරනු ලබන්නේ පාට කුඩු, පාට දියර හා මල් වලින් එකිනෙකාට ගසමින් නැටුම් ගැයුම් මැද විනෝද වෙමිනි.

එසේම මෙවර හෝලි උත්සවය වැන්දඹුවන්ට සුවිශේෂී වූයේ ඔවුන්ට සාමාන්‍ය ඉන්දීය සමාජ ක්‍රමය විසින් වර්ණ, සතුට, ආදරය, විනෝදය තහනම් කර තිබීම හේතුවෙනි.

සමාජයෙන් කොන්වී මෙවැනි ජීවිත ගතකරන වැන්දඹුවන් ගේ ජීවිත වලට සතුට, පැහැය යළි ගෙන ඒමට හෝලි උත්සවයක් සංවිධානය කරමින් එක් සංවිධානයක් මෙවර සමත් වූ අතර ඒ උතුරු ඉන්දියාවේ ව්රින්ද්වාන් ප්‍රදේශයේ වැන්දඹුවන් හට සෙවන ලබාදෙන රජයේ  නොවන සංවිධානයක් වන සුලාභ් ඉන්ටර්නැෂනල් නම් සංවිධානයයි.

මෙම වැන්දඹුවන්ගේ සුදු රෙදිපිළි වලට පමණක් නොව අඳුරුව ගොස් තිබූ ඔවුන් ගේ ජීවිතයටම වර්ණ ගැල්වුනු මෙම උත්සවයේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාච වල සටහන් වූයේ මෙසේය.

holifestival1