තරගය පරාජයට පත් නොවි ආරක්ෂා කර ගැනීමට තම කණ්ඩායමට බලාපොරොත්තුවක් තිබු බවත් නමුත් පස්වැනි දිනයේ දිවා අහාරයට පෙර ක්‍රීඩකයින් පස් දෙනෙකු දැවී යාමෙන් තරගයේ පාලනය ගිළිහුණු බවද ශ්‍රී ලංකාව සමග පැති පළමු ටෙස්ට් ක්‍රීකට් තරගය පිළිබඳව අදහස් දක්වමීන් බංගලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් මාධ්‍ය වෙත පැවසීය.
”තරගයේ සිව්වැනි දින හවස් වනවිටත් තණතීරුව පිතිකරුවන්ට යෝග්‍යව හැසිරුණා. අපි හිතුවා පස්වැනි දිනයේදීත් වෙනසක් නොවේවි කියලා, අපිට බලාපොරොත්තුවක් තිබුණා මෙම තරගය ආරක්ෂා කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් පස්වැනි දිනයේ පළමු පැය අතිශය තීරණාත්මක වුණා අපේ පිතිකරුවන් පස්දෙනෙකු දිවා ආහාරයට පෙර දැවීයාම නිසා අපිට තරගය පාලනය කිරීම අමාරු වුණා. එවැනි තත්ත්වයක් මත අපි දන්නවා අපිට තරගය දිනන්න බැහැ.
ඔවුන් හරි තැනට පන්දුව යොමු කළා, අපිට තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමේ හැකියාව තිබුණා. එය පළමු පැය තුළ තමයි රඳා පැවතුණේ. අපේ සමහර පිතිකරුවන්ගෙන් දක්‍ෂතා මතුවුණා.
ඒ වගේම අපේ පන්දු යවන්නනුත් හොඳින් පන්දු යැව්වා.තමිම් හොඳට පිතිකරණයේ නියැළුණා. අපේ ධනාත්මක කාරණා අපට වැදගත් වන්නෙ කණ්ඩායමක් ලෙස තරග කිරීමයි. එහෙත් මෙම තරගයේදී අපට ඒක කිරීමට නොහැකි වුණා.
රංගන හේරත් විශිෂ්ට පන්දු යවන්නෙක්. අපිට තිබෙන ලොකුම තර්ජනයත් ඔහුයි. ඔහුට සුභ පතනවා ලොව වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වමත් දඟ පන්දු යවන්නා වීම ගැන. ඔහු ඔහුගේ සේවය තවත් වසර ගණනාවක් ලබාදීමට හැකිවේවායි පතනවා.
අපේ පිතිකරුවන්ට තවමත් රංගනගේ පන්දු වලට පහර දෙන්න බැහැ. තණතීරුවේ කිසිදු ගැටලුවක් නැහැ. අපිට අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩා වේ මූලික න්‍යායන් තව ප්‍රගුණ කරන්න. දැන් අපිට කාලයක් නැහැ, එහෙත් අපිට තව අවස්ථාවක් තිබෙනවා තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරන්න.”
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.