FAST NEWS

24×7 Around the Globe

(WWW) නිර්මාතෘගෙන් නිවේදනයක්…

world wide web නොහොත් (WWW) නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී අන්තර් ජාලයේ පලවන අසත්‍ය පුවත් පිළිබඳව තමන් කණගාටුවෙන් පසු වන බව ප්‍රකාශ කරන ලදි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ දත්ත පිළිබඳ පවතින රහස්‍යභාවය සහ දේශපාලන ප්‍රචාරක කටයුතු වැනි දේ සදහා වර්තමානය වන විට අන්තර්ජාලය බහුලව වැරදි ලෙස භාවිතයට ගන්නා බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු විසින් මෑතකදී නිකුත්කරන ලද නිවේදනයක මෙම කරුණ දක්වා ඇති බවයි.

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාල පිවිසුමට අති ප්‍රධාන පිවිසුම් මාර්ගය වන WWW නොහොත් world wide web නිර්මාණය කර වසර 28ක් සම්පුර්ණ වීම නිමිත්තෙන්  ඔහු මෙම නිවේදනය නිකුත්කර තිබේ.