FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය සඳහා 390 ක් පසුපසින්..

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ, ඊයේ (10) සිව්වැනි දිනයට සිය දෙවැනි ඉනිම අත්හිටුවන විට ලකුණු 457 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණූ 67 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව බංගලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා තවත් කඩුළු 10 ක් අතැතිව ලකුණු 390 ක් ලබා ගත යුතු වේ.

තරගයේ අවසන් හා පස්වැනි දිනය (11) අදයි.

 

(ADS)