FAST NEWS

24×7 Around the Globe

ගින්දරත් එක්ක ‘පාන්’ කන හැටි මෙන්න… (වීඩියෝ)

ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද බුලත්විට යනු බොහෝදෙනා අතර ජනප්‍රිය ආහාරයක් වන අතර ඔවුන් බුලත්විට හඳුන්වන්නේ ‘පාන් යන නාමයෙනි.

ලංකාවට වඩා වෙනස් ආකාරයේ බුලත්විට ඉන්දියාවේ දැකිය හැකි වන අතර, මෙම පුවත ද එවැනි අපූරු බුලත්විටක් පිළිබඳවය.

මෙහි නම ‘ෆයර් පාන්’ වන අතර බුලත් කොළය මත මහදුරු, කරදමුංගු, පොල් හා සිරප් එක්කරමින් සාදා ගන්නා මෙම විටෙහි විශේෂත්වය වන්නේ එය අනුභව කරනුයේ ගිනිගනිමින් තිබියදී වීමයි.

මෙහි ‘ෆයර් පාන්’ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වීථි වල අලෙවි කරන අයුරු පහත දැක්වේ.
(වීඩියෝව : වොයිස් ඔෆ් ඇමෙරිකා)