FAST NEWS

24×7 Around the Globe

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකින් නිවේදිකාවන්ට ලිංගික අතවර…

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවන්ට එහි ප්‍රධානියකුගෙන් ලිංගික අතවර වන බවට පැමිණිල්ලක් එහි සභාපති රවී ජයවර්ධන මහතාට යොමුකර ඇතැයි වාර්තා වේ.

අදාළ, ප්‍රධානියකුගෙන් එක් නිවේදිකාවකට දිගින් දිඟටම හිරිහැර සිදුව ඇති බවත්, ඇයට දෙපැත්ත කැපෙන කෙටි පණිවුඩ එවීම, විවිධ දුරකථන අංකවලින් ඇමතුම් ලබාදීම හා හොටල්වෙත යාමට ඇරයුම් කිරීම වැනි කාරණාද සිදුව ඇතැයි පැවසේ.

මේ සිද්ධිය නිසා ඇයගේ විවාහ යෝජනාවක්ද කැඩී බිඳී ගිය බවට රූපවාහිනී සභාපතිවරයාට පැමිණිලි කර ඇති අතර මෙසේ සභාපතිවරයාට කළ පැමිණිල්ලට ප්‍රවෘත්ති නිවේදිකාවන් සිවුදෙනෙකු අත්සන් තබා ඇතැයි ද වාර්තා වේ.

අදාළ ප්‍රධානියා විකෘත්ති මානසිකත්වයක් ඇති අයකු බව අප කළ සොයා බැලීමකදී හෙළිවිය.