මහේල ජයවර්ධන කොතෙකුත් පිරිසට ආදරය දැක්වුවත් අකමැති පිරිසකුත් සිටින බව අපට වාර්තා වුණි.
ඒ අතරින් ඉන්දියානුවන් විශේෂ වන බව අපට තහවුරු වූයේ පහුගිය දවසක මහේලට නෝන්ඩියක් දැමූ ඉන්දියානුවෙකුට දුන් අපූරු පිළිතුරත් සමගය.
මෙහිදි මේ ඉන්දියානුවා, පහුගිය 8 වෙනිදාට යෙදී තිබුණ කාන්තා දිනය වෙනුවෙන් මහේලට සුභ පැතීම සිදුකොට තිබුණි.
මෙයට හේතුව වී තිබුණේ හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන වචනය ශබ්ද කරනවිට ඇසෙන්නේ ‘මහේල‘ වගේ නිසා වීමය.
හින්දි භාෂාවෙන් ‘මහිලා‘ යනු කාන්තාවට වන නමුත් එම ඉන්දියානුවාගේ මේ ටිව්ටර් පණිවුඩයට මහේල අපූරු පිළිතුරක් ලබා දී තිබුණි.
මහේල එහිදී පවසා තිබුණේ ‘මහේල‘ හා ‘මහිලා‘ යන වචන දෙකේ තේරුම ඔබ දැනගත යුතුයි යනුවෙනි.
එම ට්විටර් පණිවිඩ පහතින්..












