2017 වසරේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රජය විසින් ගෙවිය යුතු සම්පුර්ණ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන පහළොස්දහසක් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 08දා පාර්ලිමේන්තුවේ දී කල ප්‍රකාශය ගණන් පැටලීමක් විය හැකි බව ‘වියත්මග’ සංවිධානයේ ප්‍රධානියකු වන නාලක ගොඩහේවා මහතා පැවැසීය.
අගමැතිවරයා එම ප්‍රකාශය කරනු ලැබුවේ, පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
“එක් එක් වර්ෂය සඳහා වෙන් වෙන්ව දක්වනවා නම් 2017 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4088 ක් 2018 වසර සඳහා ඇ.ඩො බිලියන 4164 ක් ද 2019 වසර සඳහා ඇ.ඩො බිලියන 3743ක් සහ 2020 වසර සඳහා ඇ.ඩො බිලියන 3209 ලෙස ගෙවීමට නියමිත බව ඔහු කියා සිටියේය.
”මේ සියලු ණය පසුගිය පාලන සමයේදී ගත්ත ණය. මේ අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන්න නම් රටේ ආදායම් තත්ත්වය වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටට ආයෝජන වැඩි වශයෙන් ලබා දිය යුතුයි.” යැයි එහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
අගමැති සදහන් කල මෙම ප්‍රකාශිත සම්පූර්ණ ණය ප්‍රකාශය පිළිබදව ගොඩහේවා මහතා සිය මුහුණු පොතෙහි දැක්වූ සටහන පහතින්..










