FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් මානව හිමිකම් උල්ලංඝනය කරනවා – සෙයිද් රාද් හුසේන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ට්‍රම්ප් විනිසුරුවන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරන බව පැවසූ හුසේන් ඔහුගේ සංක්‍රමණික තහනම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ යෑයිද  මෙහිදි සඳහන් කර ඇති බව සඳහන්.

රටවල් හයක ජනතාවට තහනමක්‌ පැනවීම ගැනද මානව හිමිකම් කොමසාරිස්‌වරයා දෝෂාරෝපණය කර ඇති අතර ට්‍රම්ප් පාලනය යටතේ සුළු වාර්ගික ජනතාවට වෙනස්‌කම් සිදුවන බවත් එහෙයින් ට්‍රම්ප්ගේ ක්‍රියාදාමයන් තමා හෙළාදකින බවද  හෙතෙම සඳහන් කර තිබේ.

ADS