FAST NEWS

24×7 Around the Globe

කාන්තා කලල වැනසීමේ ජාවාරමක් ගැන හෙළිවුනේ මෙහෙමයි…

ගබ්සා සිදුකරන ජාවාරම්කරුවන් කල්ලියක් පිළිබඳ තොරතුරු හසුකරගන්නා ලදැයි තමන් සිතන බව බටහිර ඉන්දියාවේ සංග්ලි(Sangli) දිස්ත්‍රික්කයේ පොලිසිය පවසන ලදි.

එම පොලිස් නිවේදනය ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝහලක් අසල තිබී ගබ්සා කරන ලද කාන්තා කළල දහනවයක් සොයාගනු ලැබීමෙන් පසුවය.

නීතියට පටහැණිව සිදුකරන ලද ගබ්සා කිරීමක් නිසා සිදු වූ කාන්තා මරණයක් සහ අදාළ කළලය පිළිබඳව සෝදිසි සිදුකෙරෙන අතරවාරයේ ඉහත කී කළල දහනවය හසුවී ඇත.

ගැහැණු දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන වෛද්‍යවරයෙක් ගබ්සා කරන ලද කාන්තා කළල හසුවීමෙන් අනතුරුව අදහස් දක්වමින්, එය ‘බිහිසුණු ක්‍රියාවක්’ හැටියට විග්‍රහ කරමින් ඉන්දියාව තුළ කාන්තා කළල විනාශය ජන සංහාරයක මට්ටමින් සිදුකෙරෙන බවත් එම වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.