FAST NEWS

24×7 Around the Globe

ගේට්ටුවෙන් පාර්ලිමේන්තු එන්න බැරි නිසා දිනේෂ් අලුතින් උපායක් යොදලා!

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බොල්ගොඩ සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණීමට මේවන විට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඔහුට සතියක කාලයක් පාර්ලිමේන්තු ගේට්ටුවෙන් පැමිණීම අත්හිටුවීම නිසා ඔහු මේ උපාය යොදා ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ යෝජනාවට ඊයේ (08) පක්ෂව ඡන්ද 85ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවත්, තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මහතා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත් කිරීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරුන් හැට තුනක වැඩි ඡන්දය මත ගුණවර්ධන මහතාට සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් කිරීමට ඊයේ (08 වැනිදා) කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

මෙම සිද්ධිය නිසා පැය පහකට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තුව තුළ දැඩි ඝෝෂා කිරීම් මැද කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර කථානායකවරයාට පාර්ලිමේන්තුව තුන් සැරයක්‌ අත්හිටුවීමට ද සිදුවිය.