FAST NEWS

24×7 Around the Globe

සැඟවුණ වෙඩික්කරුගේ මවට අගනා තෑග්ගක් දෙයි…

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරිමේ සටනේදී සැඟවුණ වෙඩික්කරුවෙකු ලෙස ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් අමිල මෙහෙයක් කළ ක්‍රෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි නොහොත් නීරෝගේ මවට නිවසක් ලබාදීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

යුද්ධය පැවැති කාලසීමාවේදී බොහෝ දෙනෙකු නීරෝ පිළිබඳව උනන්දුවක් දැක්වූ අතර ඔහු ත්‍රස්තවාදී සටනේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය ජිවිතය පුදකළේය.

එසේම එල්.ටී.ටී.ඊ. ඉදිරිපෙළ සාමාජිකයන් 200ක් පමණ මරුවා තුළට යැවීමට නීරෝගේ ස්නයිපර් ප්‍රහාර බලවත් වූ අතර යුද්ධය අවසන්වීමට දින කිහිපයක් තිබියදි නීරෝගේ අභාවය සිදුවිය.

ඔහුගේ මෑණියන් වන පල්ලම, ඉහළ මන්දලානේ පදිංචි රීටා ප්‍රනාන්දු මහත්මියට ආණමඩුව ගම් උදාවේ භූමි භාගයකදී නිවස ඉදිකිරීමට නියමිතය.