FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති ධූරයේ මීලග හිමිකරු ගැන ඉගියක්…

ළඟදී සිදුකිරීමට නියමිත බව පැවසෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍ය ධුරය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා වෙත පැවරීමට යෝජනාවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර වෙන්කර ගැනීමේදී මුදල් අමාත්‍ය ධුරය හිමිවුයේ එක්සත් ජාතික පක්ෂයටය.

පාඨලී චම්පික රණවක මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ‘අලියා’ ලකුණ යටතේ තරඟ කරමිනි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකර ඇති කාර්ය භාරය හා ඇමතිවරයකු ලෙස ඔහුට මෙතෙක් කිසිඳු වංචා දුෂණ චෝදනාවක් එල්ලවී නොතිබීමද සලකා මුදල් අමාත්‍ය ධුරය ඔහුට පවරන ලෙස විද්වතුන් කිහිප දෙනෙකුම පසුගිය දා ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සැකසු වාර්තාවකට අනුව මෙරට ආර්ථික ඉලක්ක ජයගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා ඉඳිකිරීම් ක්ෂේත්‍රය පමණක් වන අතර එහිදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කාර්යභාරයද විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වේ.