FAST NEWS

24×7 Around the Globe

කොකා කෝලා කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම ගැන මලික් කියූ හැටී…

කොකා කෝලා සමාගම විසින් සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් මේ දක්වා සිදුකර නොමැති බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේය.

“කොකා කෝලා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සඳහා මේ දක්වා කිසිදු යෝජනාවක් අදාළ සමාගමෙන් ලැබී නැහැ. එවැනි යෝජනාවක් අපිට ලැබුණා නම්, එය අනුමත කිරීමට පෙර පාරිසරික අධ්‍යයනයක් සිදුකොට වාර්තාවක් කැඳවීම අනිවාර්යයෙන් සිදුකරනු ලබනවා“, යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.