FAST NEWS

24×7 Around the Globe

අපේ කට්ටිය යූඑන්පියේ වළං හෝදන්නේ බිරියන්ට හා අනියම් බිරියන්ට තියෙන බය නිසා!

”බිරියන්ට හා අනියම් බිරියන්ට බියෙන් එ.ජා.ප.යේ. වළං හෝදන්නට ගිය පිරිස අපේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇමතිකම් අත්හරින පාටක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හා ඇමතිවරුන්ට අපේ ආණ්ඩුවක් සෑදීමට සැබෑ උවමනාවක් ඇත්නම් මුළින් ම කළ  යුත්තේ  එක්සත්  ජාතික පක්ෂය සමග කන දීගය නැවැත්වීමයි“

ගම්පහ දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග  මහතා එසේ ප්‍රකාශ කළේ  මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

” එදා රනිල් වික්‍රමසිංහ මහතාට මිස්ටර් බීන් කියල හිනා වුනු අයම  අද අගමැතිතුමා කියල වඳින පුදන හැටි දැක්කම අඩන්නද හිනාවෙන්නද කියලවත් හිතාගන්න බැහැ. ඒ වගේම යහපාලන ආණ්ඩුවට දරදිය ඇදපු කවුරුත් රට ගැන කැක්කුමක් ඇති අය නෙවෙයි, ඔක්කොම එක වල්ලේ පොල් වගේ සෙට් එකක්” යනුවෙන්ද ඔහු පැවැසීය.

වත්මන් අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අල්ලේ නටවන බවත්, එම තත්වය උදා කලේ මෛත්‍රීපාල ජනපතිවරයා බවත් හා පාවාදීම කවුරු  සිදු කළත් වැරදි යැයි ද පක්ෂය පාවා දුන් කෙනා හෙට තමන්ව  පාවා නොදේවි යැයි  විස්වාසයක් තැබිය නොහැකි බව ද  ඒ මහතා ප්‍රකාශ කලේය.