FAST NEWS

24×7 Around the Globe

සිගරට්ටුව විකුනන්න බැරි විදිහේ සන්දේශයක් එයි…

දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.

දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සදහා ලෝක බැංකුවේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බුලත්සිංහල රැටියල විද්‍යාලයේ පැවැති සෞඛ්‍ය කඳවුරක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.