FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් ලොග් වුණොත් ජීවිතය බේරේ… ?

සියදිවි හානි කර ගැනීම් වළක්වනු සඳහා ෆේස්බුක් සමාගමෙන් කෘතීම තාක්ෂණික බුද්ධියක් හඳුන්වා දීමට යන බව වාර්තා වේ.

මැසෙන්ජර් සේවාව සහ ෆේස්බුක් සජීවී විකාශනයන් සඳහා මෙම කෘතීම තාක්ෂණික බුද්ධිය යොදා ගැනීමට සුදානම් බව වාර්තා වේ.

පුද්ගලයෙක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබන සටහනක් මෙන්ම අනෙකුත් පුද්ගලයින් සමඟ කරන මැසෙන්ජර් පණිවිඩ හුවමාරු වීම් ගැන කෘතීම තාක්ෂණික බුද්ධිය මඟින් පරික්ෂා කර ඉන් අනතුරුව සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කෙරේ.

පසුගිය ජනවාරි මාසයේ ඇමරිකාවේ ෆ්ලොරිඩා වල අවුරුදු 14 ක දැරියක් සිය දිවි හානි කර ගන්නා ආකාරය තම ෆේස්බුක් ගිණුමෙහි සජීවීව විකාශය කර ඇති අතර මෙවැනි ආකාරයේ සිදුවීම් සමග ෆේස්බුක් සමාගම හඳුන්වා දීමට සුදානමින් සිටින මෙම තාක්ෂණය ඉතා සාර්ථක වේයැයි බොහෝ දෙනෙක් පවසයි.

සමාජ ජාල වෙබ් අඩවි අතුරින් ලොව වැඩිම දෙනෙක් ෆේස්බුක් භාවිතා කරන අතර ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බව වාර්තා වේ.