FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 494 යි..(update)

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (07) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 494ක් ලබා ගැනීමට සමත් විය.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194ක්ද, අසේල ගුණරත්න ලකුණු 85ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 75ක්ද, දිල්රුවන් පෙරේරා ලකුණු 51ක්ද ශ්‍රී ලංකා කණ්ඩායම ෙවනුෙවන් රැස් කළහ.

පන්දු යැවීමේදී මෙහෙඩි හසන් මිරාස් ලකුණු 113ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

++++++++++++++++++++++++++++++(update)

දෙවැනි දිනයේ දිවා අහාරයට – ශ්‍රී ලංකාව ලකුණු 443 යි..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (07) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට,සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් පමණක් දැවී ලකුණු 443 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වු කුසල් මෙන්ඩිස් ලකුණු 194 ක් හා අසේල ගුණරත්න ලකුණු 85 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වුහ.

ලකුණූ පුවරුව පහතින්..

 

ADS