FAST NEWS

24×7 Around the Globe

හොඳම පිතිකරුවන් 10ට හා අසේලගේ දුන් උපදේශය මෙන්ඩිස් කියයි..

ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනාගෙන් අයකු වීම තම බලාපොරොත්තුව බව කුසල් මෙන්ඩිස් ඊයේ (07) ආරම්භ වූ ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ, පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර සිටියයේය.

එසේම ටෙස්ට් තරග වලදී තමන්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 45 හෝ 50 ට ඉහළින් තබාගැනීම අරමුණ බවත් කුසල් මෙන්ඩිස් පැවසීය.

ඊයේ දිනය නිමා වන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 166ක් ලබා සිටියේය.

“මම පන්දුවට පහර දෙද්දී දිමුත් අයියාත් අසේල අයියාත් මට නිතරම කතා කළා. ඒ දෙන්නාම කිව්වේ ගහන්න බැරි පන්දු අතහරින්න කියලයි” යයිද මෙන්ඩිස් කීවේය.

“ලකුණු 200 ලබාගන්න මා ඉතා ආශාවෙන් බලා ඉන්නවා. පල්ලෙකැළේදී මට ඒක ලබාගන්න බැරිවුණා. ඇරත් මේ වෙලාවේ මම හොඳින් ලකුණු ලබාගනිමින් ඉන්න පිතිකරුවා නිසා කණ්ඩායම වුණත් මගෙන් තව තවත් ලකුණු බලාපොරොත්තු වෙනවා” යයිද මෙන්ඩිස් පැවසීය.