FAST NEWS

24×7 Around the Globe

නායක රංගන හේරත් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් අභියස..

ලෝකයේ වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ටෙස්ට් ක්‍රීඩා පිටියේ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා බවට පත්විමට ශ්‍රී ලංකාවේ රංගන හේරත්ට අවස්ථාව හිමිව තිබේ.

ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඔහු ටෙස්ට් කඩුලු හයක් දවැගැනිමට සමත් වුහහොත්ය.

සිය 79 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින රංගන හේරත් දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යව 357කි.

මෙවන විට ලෝකයේ වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි වන අතර ඔහු තරග 133කදී කඩුලු 362ක් දවාගෙන ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේදී රංගන කඩුලු හයක් දවාගත හොත් ඔහුට ඩැනියෙල් විටෝරි අබිබවා යෑමට අවස්ථාව තිබේ.