FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට ලේන්සු ගෙන්න තහනම් කර නැතිලු..

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සභා ගර්භය තුළට ලේන්සු රැගෙන ඒම තහනම් කර නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන පාසල් සිසුන්ට ලේන්සු රැගෙන ඒම තහනම් කර ඇතැයි පසුගියදා ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒම පුවත නිවැරදි නොවන බවත් පාසල් සිසුන්ට සභා ගර්භයට ලේන්සු රැගෙන ඒම තහනම් කර නැතැයිද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.