FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 03 කට තහනම් උත්තේජක පරික්ෂණයක්..

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු තහනම් උත්තේජක පරීක්ෂාවකට ලක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එ අනුව දිමුත් කරුණාරත්සාන, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් මෙලෙස පරික්ෂණ සඳහා ලක්ව ඇතිබව සඳහන්.

ටෙස්ට් තරඟාවලියක් ආරම්භ වීමට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙලෙස අහඹු ලෙස තෝරාගත් ක්‍රීඩකයන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කෙරෙන බවද පැවසේ.

තවද තරගාවලිය අතරතුරදීද අහඹු ලෙස තෝරාගත් ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරික්ෂාවට ලක් කෙරෙන බවද සඳහන්.

බංග්ලාදේශ – ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය හෙට (07) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමීතය.