අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වුවහොත් තම කණ්ඩායමද ඒ වෙනුවෙන් කැපවීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසා පවසයි.
වෙන් වූ පිරිස් ශ්‍රීලනිපයට නැවත සම්බන්ධ වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සිදුකර ඇති ප්‍රකාශය අවංක චේතනාවෙන් කරන ලද්දක් නම් එයින් කරන යෝජනාව ගැන සලකා බැලීමටත් සාකච්ඡාවටත් ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද හෙතෙම පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ඉදිරිපත් කරන බවටත්, එෆ්.සී.අයි.ඩී.ය අහෝසි කිරීමේ පනතක් ඉදිරිපත් කරන බවටත් ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බවත් ජනාධිපතිවරයා මෙය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්විය යුතු බවත් හෙතෙම පැවසීය.
ලොතරැයි අලෙවි කරන ආබාධිත අහිංසකයකුගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා රටේ සෑම තරාතිරමකම ජනතාව මේ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට දැඩි විරෝධයක් රට පුරාම නැඟෙමින් පවතින බැවින් ශ්‍රීලනිප වෙනම ආණ්ඩුවක් පිහිටුවීමට වෙලාව එළැඹී ඇති බවද මන්ත්‍රිවරයා කීය.
“තවදුරටත් හවුල් ආණ්ඩුවක් තුළ කටයුතු කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඇමැති ධුරවලින් ඉවත් නොවුණත් ඉදිරියේදී ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමැතිකම් අත්හැරීමට සිදුවෙනවා ඇති” රංජිත් සොයිසා මන්ත්‍රිවරයා කීවේය.
එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙකට එකට යා නොහැකි බව මුල පටන්ම ඒකාබද්ධ විපක්ෂයේ මතය වුණා. ප්‍රායෝගිකව ගත් විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය මෙන්ම ජාතික ප්රතිපත්තියද රටට ගැළපෙන්නේ නැහැ. එජාපයේ පෙර සිටි නායකයන්ටත් වඩා ඉතාමත්ම බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔහුගේ ප්‍රතිපත්ති රටට ඔබින්නේ නැහැ.”
ජනාධිපති, අගමැතිගේ මේ හවුල් ආණ්ඩුව නිසා අමාරුවේ වැටී තිබෙන්නේ ශ්රීලනිපය හා එජාප යන පක්ෂ දෙක නොව රටේ ජනතාව බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.