FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් කළ බලපෑම කොමීසමේදි එළියට පනියි…

රුපියල් බිලියන 2.6 ක බැඳුම්කර නිකුත් කිරීමේ මුල් තීරණයට පටහැනිව රුපියල් බිලියන 10 කට අධික ලන්සු පිළිගන්නා ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට නියෝග කළ බව එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධිකාරී එන්. ඉසෙඩ්. එන්. අසීම් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වන ජනාධිපති කොමිසම හමුවේ පැවැසුවේය.

මෙය ඔහුගේ නියෝගයක් බවද ඔහු කීවේය.ටෙන්ඩර් මණ්ඩලයේ සියලු දෙනාම එයට විරුද්ධ බවද ඔහු පැවැසීය.

එහෙත් අධිපතිවරයාගේ නියෝගය හමුවේ රුපියල් බිලියන 10 ට අධික ලන්සු පිළිගැනීමට සිදුවූ බවද ඔහු කොමිසම හමුවේ පැවැසීය.