සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන තවත් අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් පසුගිය සති අන්තයේදී ආරම්භ වූ බව වාර්තා වේ.
මෙහි ෂාරුක්ගේ පෙම්වතිය වී ඇත්තේ ඔහුට වඩා වයසින් අඩක් බාල සොනක්ෂි සින්හා වීම විශේෂත්වයකි.
එසේම ෂාරුක් හා සොනක්ෂි සමගින් සිද්ධාර්ත් මල්හෝත්‍රාද මෙහි රංගනයෙන් දායක වේ.
1969 වසරේ රාජේෂ් ඛන්නා විසින් රගපෑ ‘lttefaq’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් වන මෙය ෂාරුක් ඛාන්ගේ ‘රෙඩ්චිලි’ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වේ.











