FAST NEWS

24×7 Around the Globe

‘සමයං’ගේ මරණයට රතිඤ්ඤා පත්තු කළවුන් සොයා මරුවා සැරිසරන හැටි !

කළුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පාතාල කල්ලි සාමාජිකයන් වැඩි දෙනෙකුගේ සිරුරු තැන්පත්කර ඇත්තේ කොරතොට ප්‍රදේශයේ වන අතර එම නිවෙස් අසළ මන්න පිහි රැගත් කල්ලි කිහිපයක් සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසන ලදි.

සමයං ඇතුළු පිරිස ඝාතනය කළ අවස්ථාවේ මෙම ප්‍රදේශයේත් ඇතැමුන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූ අතර එම පිරිස් මෙම අවිගත් පුද්ගලයන්ගේ ඉලක්කය වී ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කර තිබේ.