FAST NEWS

24×7 Around the Globe

ජ.වි.පෙ. ලේකම් ටිල්වින්ගෙන් සයිටම් ගැන අමුතු කතාවක්…

“මෛත්‍රී මත්තයා පෙනී සිටියේ පක්ෂය වෙනුවෙන් නෙවෙයි. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන පොදු අපේක්ෂකයා හැටියට. ඔය කතාකියන මහත්තුරු ඔහු ජනාධිපතිවෙලා දිව්රුම් දෙමින් කල පළමු කතාව හොයාගෙන කියවනවානම් හොදයි. අවුරුදු දෙකකට පස්සේ දැන් මේ සින්දුවයි තනුවයි දෙකම මාරු කරලා විධායක ජනාධිපතිකම තියාගන්න හදන්නේ. අපි හිතන්නේ මේක මෛත්‍රී මහත්තයා වටේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ වුවමනාව විතරක්ම  නෙවෙයි. නැවත වතාවක් ජනාධිපතවරණයට ඉල්ලන්න මෛත්‍රී මහත්තයටත් ආසාව හැදිලා ඇති.“

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

“සයිටම් ගැටලුවට තවමත් නිසි පිළිතුරක් ලබාගත නොහැකිව තිබෙන්නේ කුහකකම හා මොන්ටිසෝරි සමාජවාදය නිසා“ යැයි අධ්‍යාපනයේ නිදහස උදෙසා වූ ජාතික ව්‍යාපාරය කියනා බවත් ලෝකයේ සාමාජවාදී යැයි කියන රටවල්වලත් නැති අධ්‍යාපන ක්‍රමයක් ඉල්ලා ජ.වි.පෙ.කරන කෑ ගැසීම බොරුවක් බවට ඔවුන් නගන තර්කයට දෙන පිළිතුර කුමක්දැයි එහිදී විමසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා මෙසේ පවසා සිටියේය.

“ඔය කතා කියන්නේ සයිටම් එකට දරුවෝ දාගත්ත කළු සල්ලි හොයන, ඕනෑ තරම් වියදම් කරන්න සල්ලි තියෙන ඒත්  දරුවන්ට විශ්ව විද්‍යාල යන්න නොහැකිවූ මව්පියන්  ටිකක්නේ. ඕක ව්‍යාපාරයකුත් නෙවෙයි. බලයක් තියෙන එකකුත් නෙවෙයි. ඕකෙ  ඉන්න මිනිස්සු රට ගැන දන්නා අයත් නෙවෙයි. සමහරු බස් අයිතිකාරයෝ,සමහරු ජාවාරම් කරන අය. සමාජවාදී හා ධනවාදී රටවල අධ්‍යාපනය ගැනත්,අපේ රටේ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස ගැනත් ජ.වි.පෙ.ට.හොද අදහසක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය රැකගැනීමට දැන් වසර තිහ හතලිහක සිට දිගටම අරගල කරන්නේ ජ.වි.පෙ.හා ශිෂ්‍ය ව්‍යාපාරයයි. ඔය මහත්තුරුන්ගේ ළමයි උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවානම් ඒ දේ වුනෙත් අප කළ  අරගල නිසයි. ු

සයිටම් පිළිගත්තොත් ඒ  ජාතියේ විශ්වවිද්‍යාල තව ගොඩක් රට ඇතුලේ හැදෙනවා. ඊට පස්සේ රාජ්‍ය වෛද්‍යපීඨ ටික අහෝසිවෙලා යාවි. එතකොට අපේ රටේ වෛද්‍යවරයෙකු වීමට හැකිවන්නේ සල්ලි තියෙන, කළු සල්ලි හොයන කුඩා කණ්ඩායමක දරුවන්ට විතරයි. අපේ අරගලය තියෙන්නේ පොදු ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙනුයි“ යනුවෙන් ජවිපෙ ලේකම්වරයා අවධාරණය කළේය.