FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – බංගලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල්ගෙන් විශිෂ්ට ඉනිමක්.. (update)

ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී අද (02) ආරම්භ වු දෙදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම තේ පානය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු  04 ක්  දැවී ලකුණු 264 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

මෙහදි විශිෂ්ට පිතිකරණයක නියැළුණු තමීම් ඉක්බාල් ලකුණු 136 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවිය.

ලකුණූ පුවරුව පහතින්..

 

 


දිවා අහාරයට – බංගලාදේශ කණ්ඩායම ලකුණු 107 යි..

ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී අද (02) ආරම්භ වු දෙදින ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට එක් කඩුල්ලක් පමණක්  දැවී ලකුණු 107 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආරාධනයෙන් සිය පළමු වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන මොම්නියුල් හක් ලකුණු 48 ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 38 ක් ලබා සිටියි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

ලකුණූ පුවරුව පහතින්..