FAST NEWS

24×7 Around the Globe

රතන හිමියන්ට මරික්කාර් මුල මතක්කර දෙයි…

අතුරලියේ රතන හිමියන් එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් ලබාගෙන දැන් එජාපයටම ගැරහීම ගැන දැඩි කනගාටුව පළ කරන්නේ යැයි එජාප මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් මහතා සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රතන හිමියන් විසින් කොළඹදී පැවති උත්සවයක් අමතමින් ‘මහින්ද රාජපක්ෂ මහතාත් පරාදයි එජාපයත් පරාදයි’ ලෙස කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කීය.

‘අලියා ලකුණට ලැබුණු ජාතික ලැයිස්තුවෙන් උන්වහන්සේ පාර්ලිමේන්තු ආවේ. එජාපය පරාද වුනා නම් උන්වහන්සේට පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමක් ලැබෙන්නෙ නෑ. ස්වාධීන වීම නොවීම උන්වහන්සේගෙයි හෙළ උරුමයෙයි වැඩක්. අපි ඒවාට මැදිහත් වෙන්නෙ නෑ. නමුත් අපි උන් වහන්සේට කියනවා නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියලා. එන පාරත් පාර්ලිමේන්තු යන්න ඕනෑනම් ඒ ගැන හිතන්න එජාපයට ගරහන්න එපා’