FAST NEWS

24×7 Around the Globe

ගප්ටිල්ගෙන් විශිෂ්ට ඉනිමෙන් අප්‍රිකාව පරදා නවසීලන්තයට දැවැන්ත ජයක්..

සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග අද (01) පැවැති සිව්වැනි එක්දින තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණෟඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් පමණක් දැවී ලකුණු 279 ක් රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් විය.

නවසීලන්තය වෙනුවෙන් කැපී පෙනන ඉනිමක් ක්‍රීඩා කළ මාර්ටින් ගප්ටිල්  හයේ පහර 11ක් හා හතරේ පහර 15 ක් සමගින් පන්දු 198 ක් තුළ නොදැවී අගනා ලකුණූ 180 ක් ලබා ගැනීමට සමත් වුයේය.

එ අනුව දෙරට අතර තරග පහකින් යුත් එක්දින තරගාවලිය 2-2 දෙකක් සම තත්වයට පත් විය.

ලකුණු පුවරුව පහතින්..