FAST NEWS

24×7 Around the Globe

නර්තන සැණකෙළියක වේදිකාවක් කඩා වැටුන හැටි මෙන්න.. (වීඩියෝ)

බ්‍රසීලයේ  ඊයේ(28) පැවති සැණකෙළියක් අතරතුර අනතුරක් සිදුව තිබේ.

රියෝද ජැනයිරෝ නුවර වාර්ෂිකව සංවිධානය කරන සම්බා නර්තන සැණකෙළියක් අතරතුර වාහනයක ඉදි කරන ලද වේදිකාවක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් නර්තන ශිල්පීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ  අනතුර සම්බන්ධයෙන් රියෝ පොලීසිය පරීක්ෂණ පවත්වන බවයි.

සිදුවූ අනතුර ඒ අසල සිටි පුද්ගලයෙක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබූ අයුරු පහතින්..