FAST NEWS

24×7 Around the Globe

හොරෙන් චැනල් 4 චිත්‍රපටය පෙන්වූ නිසා සිදු වූ දේ මෙන්න…

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව දැක්‌වෙන චැනල් 4 රූපවාහිනියේ නෝෆයර් සෝන් චිත්‍රපටය මැලේසියාවේදී හොරෙන් ප්‍රදර්ශනය කළ ලීනා ගෙන්ට්‍රි නමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනිය වරදකාරිය බවට ක්‌වාලාලාම්පූර් අධිකරණය තීන්දු කර ඇත.

ඇයට දඬුවම් නියම කිරීම මාර්තු 22 දා සිදු වන අතර ලීනා ගෙන්ට්‍රි වරදකරු වූවොත් ඇයට වසර 37 ක සිරදඬුවමක්‌ නියම වේ.

ක්‌වාලාලාම්පූර් අධිකරණයේ මෙම තීන්දුව ගැන ඊළාම් ඩයස්‌පෝරාව කම්පනයට පත්ව ඇති බවද වාර්තා විය.