තෝරාගත් රටවල් කිහිපයක පුරවැසියන් ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමේ සැළසුමට එරෙහිව එල්ලවන විරෝධතා සහ ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු පිටවීම පිටුපස හිටපු ජනාධිපති බරක් ඔබාමා සිටින්නේයැයි තමා විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
‘ෆොක්ස් නිව්ස්’ ආයතනය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ” මම හිතන්නෙ ජනාධිපති ඔබාමා මේක පිටුපස ඉන්නව කියල, මොකද එයාගෙ මිනිස්සු තමයි නිසැකවම මේක පිටුපස ඉන්නෙ,” යනුවෙනි.
“මේක සාමාන්‍ය දේශපාලනික දෙයක් කියලත් මම හිතනව.”
සිය ප්‍රකාශය සනාථ කිරීමට ඔහු සාක්ෂි ඉදිරිපත් නොකළ අතර හිටපු ජනාධිපති ඔබාමා ද මේ පිළිබඳව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
මේ අතර ඉදිරි අයවැය සැලසුම් පිළිබඳව ද ජනාධිපති ට්‍රම්ප් ‘ෆොක්ස් නිව්ස්’ සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වා ඇත.
‘ෆොක්ස් නිව්ස්’ ආයතනය සමග පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් තමන් අදහස් සම්ප්‍රේෂණය කිරීම අතින් ‘C’ ශ්‍රේණියේ සිටින නමුත් ඉලක්කයන් වෙත ළඟාවීම අතින් ‘A’ ශ්‍රේණියේ සිටින බව සඳහන් කර ඇත.
ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 54 කින් වැඩි කිරීම සඳහා “වර්ධනයවන ආර්ථිකය මගින්” පිරිවැය සකසාගන්නා බවත් ඔහු සඳහන් කළේය.
එසේම ‘අසත්‍ය ප්‍රචාර’ සිදුකරන බවට චෝදනා කරන අතරවාරයේ, මාධ්‍යවේදීන් සඳහා ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ධවල මන්දිරයේ භෝජන සංග්‍රහයට සහභාගී වූයේ නම් තමා කුහකයෙකු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.