FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට එරෙහි සැලසුම හා මලින්ද ගැන හේරත්ගෙන් ප්‍රකාශයක්..

බංග්ලාදේශ තරගාවලිය අභියෝගාත්මක තරගාවලියක්‌ බව තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය පිළිබඳව ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක රංගන හේරත් පැවසීය.

‘ශ්‍රී ලංකා පුහුණුකරුවන් බංග්ලාදේශයේ සිටිනවා. නමුත් අපි තරගාවලිය සඳහා ශක්‌තිමත්ම මුහුණ දෙනවා. අපිට සැලැස්‌මක්‌ තියෙනවා. අපිට තියෙන වාසිය අපේ රටේ ක්‍රීඩා කිරීමයි’ යැයි හේරත් මෙහිදි වැඩිදුරටත් පැවසීය.

වමත් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර විශිෂ්ට පන්දු යවන්නෙක්‌ බවත්, මේ තරගාවලියේදී නැතත් ඉදිරි තරගාවලියකදී හෝ ඔහුට කණ්‌ඩායම නියෝජනය කිරීමට අවස්‌ථාවක්‌ තියෙනවා’ යෑයිද හේරත්  මෙහිදි වැඩි දුරටත් පවසා සිටියේය.

‘ මම මෙහෙම කියන්නේ මමත් වමත් දඟ පන්දු යවන්නෙක්‌. වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්‌ කණ්‌ඩායමේ ක්‍රීඩා කරයිද කියලා කියන්න බෑ. එහෙම අවස්‌ථාවක්‌ ආවොත් මලින්ද අනිවාර්යයෙන් කණ්‌ඩායමේ ක්‍රීඩා කරනවා’

කණ්‌ඩායමේ පිතිකරු අංශය ශක්‌තිමත් බවත් ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන බව ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බවත් හෙතෙම පැවසීය.