FAST NEWS

24×7 Around the Globe

ජී. එස්‌. පී. සහනය පිළිබඳ තීන්දුව මැයි 15 වැනිදා…

ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. සහනය පිළිබඳ යුරෝපා සංගමයේ තීන්දුව මැයි 15 දා ප්‍රකාශයට පත් කිරීමට නියමීත බව වාර්තා වේ.

මේ බව යුරෝපා සංගමය විසින් ද්‍රවිඩ සන්ධානයට හා උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතාට දැනුම් දී ඇති බවද පැවසේ.

මෙම සහනය ලබාදීමට මූලික කරුණු 27 ක්‌ ඉටුකරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය පිළිබඳව නිරීක්‌ෂණය කිරීමෙන් පසු මෙදින එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන බව දන්වා තිබේ.