2018 දී පියවර දෙකකින් සද කරා යන ගමන මෙන්න…

2018 දී පියවර දෙකකින් සද කරා යන ගමන මෙන්න…

2018 දී දෙදෙනෙකු සඳ වෙත සංචාරයක් යැවීම සඳහා ඇමෙරිකානු අභ්‍යාවකාශ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර SpaceX නම් මෙම මෙහෙයුම Elon Musk ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලේය.

විද්‍යාඥයින් පවසන්නේ මෙහි අදියර 2 ක් යටතේ ගවේෂණය සිදු කරන බවත් හා එම පළමු අදියරේ මිනිසුන් රහිතව හා දෙවන අදියරේදී මිනිසුන් දෙදෙනෙකු සහිතව ගවේෂණය ක්‍රියාත්මක කරන බවයි.

ගැඹුරු විශ්වය අධ්‍යනය කිරීමට වර්තමානයේ අභාවකාශ යානා නිපදවන බැවින් අවුරුදු 45කට පසු නැවත සඳ ගවේෂණය කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ බව Musk සදහන් කර තිබේ.

මෙම ගමන සඳහා පුහුණුකරුවන්ගේ ශරීර යෝග්‍යතාවන් හා ඊට අදාළ ක්‍රියාකාරකම් මේ වසර අගදී ආරම්භ කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා විය.

එසේම සියලු මිනිස් වර්ගයාගේම අභාවකාශ බලාපොරොත්තු සඳහා ඔවුන් මෙම වැඩසටහන් නිර්මාණය කර තිබෙන බවද සඳහන්ය.

CATEGORIES