FAST NEWS

24×7 Around the Globe

2016 දී දුම්කොළ සමාගමෙන් රජයට රු.බිලියන 87.4 ක බදු..

ලංකා දුම්කොළ සමාගම විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 87.4 ක බදු ආදායමක් රජයට ලබා දී ඇති බව  එම සමාගම පවසයි.

කෙසේ වෙතත් 2016 සිව්වන කාර්තුවේ දී සිදුකරන ලද දුම්කොළ බදු ඉහළ දැමීම හා නොවැම්බර් මාසයේ දී වැට් බදු හඳුන්වා දීම අනුව සිදුවූ අලෙවිය පහත වැටීම හරහා රුපියල් බිලියන 13.2 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී ඇති බවද එම සමාගම පෙන්වා දෙයි.

එසේම හිතකර තත්ත්වය මත 2017 ආරම්භයේ දී සිය දුම්කොළ රැස්කරන ගුදම් දෙකක් වසා දැමීමට ද සිදුවූ බවද ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් කියා සිටියි.