
ජිම්නාස්ටික් ලොව හෙල්ලූ ඔල්ගා ඔලිම්පික් පදක්කම් විකුණයි… (වීඩියෝ)
ඉකුත් සියවසේ 70 දශකයේදී ජිම්නාස්ටික් ලොව හෙල්ලූ සෝවියට් ජිම්නාස්ටික් ක්‍රීඩිකා – ඔල්ගා කෝබට් සිය ඔලිම්පික් පදක්කම් ඇතුළු ආයිත්තම් රැසක් ඇමෙරිකාවේදී වෙන්දේසි කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස වෙන්දේසි කර ඇති දෑ වලින් ඇයට ඇමෙරිකානු ඩොලර් 183,000ක් උපයාගත හැකි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කලේය.
මෙලෙස වෙන්දේසි වූ ආයිත්තම් අතරට 1972 මියුනික් ඔලිම්පික් උළෙලේදී ඇය ලබාගත් රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක්ද ඇතුළත් වේ.
රුසියාවේ Gazeta.ru පුවත්සේවය සඳහන් කර තිබුනේ ඇයට මූල්‍ය ගැටළු තිබුණු බවත් පදක්කම් මගින් ඇගේ බඩවියත රැකුණ බවත්ය.
බෙලාරුස් වල ඉපදුනු ඇය, 1991 දී සිය සැමියා සමග ඇමෙරිකාවට සංක්‍රමණය කළ අතර මේ වන විට 61 වියේ පසුවන ඇය ඇරිසෝනා ප්‍රාන්තයේ ජීවත් වන්නීය.
අඩි 4 අඟල් 11ක් පමණක් උසැති ඔල්ගා ගේ ප්‍රමාණය, දක්ෂතා හා මනබඳින සිනහව හේතුවෙන් ඇයව බොහොදෙනා හැඳින්වූයේ Sparrow from Minsk (මින්ස්ක් වල ගේ කුරුල්ලා) ලෙසය.
ඇය වඩාත් ජනප්‍රිය වන්නේ ඇයටම ආවේනික වූ ‘Korbut Flip’ නම් පිනුමට වන අතර මෙම පිනුම ඉතා භයානක බැවින් එය මේ වන විට ඔලිම්පික් තරගාවලි වලින් තහනම් කර තිබේ.
ඔල්ගා විසින් සිදුකරන ‘Korbut Flip’ පිනුමේ වීඩියෝ පටයකි මේ.
CATEGORIES ෆාස්ට් ගොසිප්