FAST NEWS

24×7 Around the Globe

සයිටම් සමීරට වෙඩි තැබූ සිද්ධියේ මහමොළකරු සයිටම් සමීරම ලූ… !

සයිටම් ප්‍රශ්නය මුළු රටම කළඹා ඇති මොහොතක සයිටම් පිළිබඳ තවත් සැගවුණු රහසක් හෙළිවී තිබේ.

එසේම ඉහත දිනයකදී සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සමිර සේනාරත්න මහතාට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.

මේ වනවිට හෙලිවි ඇත්තේ  ප්‍රාදේශීය දේශපාලනඥයකු හා තවත් පිරිසක් සමග එක්ව ඔහු විසින්ම එය සංවිධානය කරන ලද බවයි .

විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සමිර සේනාරත්න මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසන ලදි.

සමීර සේනාරත්න මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(27) දිනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක් වූ සයිටම්  නියෝජිතයකු පවසා සිටියේ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල අලුත් ම තත්වය තමන් නොදන්නා බවයි.

වෙඩි තැබීමක් වැනි බැරෑරුම් සිද්ධියක් පිළිබඳ එතරම් අවධානය යොමු නොකරන්නේ මන්දැයි නිවේදකයන් එහිදී ඔහුගෙන් විමසූ අවස්ථාවේ, ප්‍රමාණවත් පිළිතුරක් ලබා දීමට සයිටම් නියෝජිතයාට නොහැකි වූ බව අනාවරණය කරගත් බවයි .