ප්‍රසිද්ධ රෝහලක රෝගීන් බොන ජලයේ අසූචි…

ප්‍රසිද්ධ රෝහලක රෝගීන් බොන ජලයේ අසූචි…

මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ රෝගීන් විසින් අවශ්‍යතා සඳහා යොදා ගන්නා පානීය නළ ජලයට අශූචි මිශ්‍ර වී ඇතැයි මීගමුව මහ රෝහලෙන් කළ දැනුම්දීම අනුව එම වතුර සාම්පල් පරීක්‍ෂණයට ලක්‌ කිරීමේදී මේ බව තහවුරු වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ පානීය ජලය මීට පෙර වසර ගණනාවක සිට තත්ත්ව පරීක්‍ෂණයකට ලක්‌නොකළ බවයි.

එසේම මෙම පරීක්‍ෂණය සිදු කරනු ලබන්නේ මීගමුව ජලසම්පාදන සහ ජලාපවහන මණ්‌ඩලයේ රසායනාගාරයෙනි.

මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳ මීගමුව මහ රෝහල් ප්‍රධාන බලධාරිනියකගෙන් විමසූ අවස්‌ථාවේ ඇය ප්‍රකාශ කර සිටියේ ජලනළ පද්ධතියට අශූචි ඇතුළු වී ඇති බව සත්‍ය කරුණක්‌ බවත් ඒ පිළිබඳව දැනගත් මොහොතේ සිට එම ජලය පිරිසිදු කිරීම සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇති බවත්ය.

මෙම තත්වය භයානක තත්වයකට දැනට පරිවර්තනය නොවී ඇති බවත් මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මිය රෝගීන්ගේ ආරක්‍ෂාව සඳහා කඩිනමින් වෛද්‍ය ක්‍රියාමාර්ග රැසක්‌ ගැනීමට වහා කටයුතු කරනු ඇති බවත් ඇය පැවසුවාය.

CATEGORIES