FAST NEWS

24×7 Around the Globe

කොංග්‍රස්‌ පක්‍ෂයේ ගුඩ්ලක්‌ රාඡේන්ද්‍රන් පක්ෂයෙන් නෙරපයි..

ශ්‍රී ලංකාවේ සිට රන් කුට්‌ටි 119 ක්‌ තමිල්නාඩුවට ගෙන එන එමීන් සිටියදී අත්අඩංගුවට පත් කොංග්‍රස්‌ පක්‍ෂයේ රාමන්තපුරම් සභාපති ගුඩ්ලක්‌ රාඡේන්ද්‍රන් එම පක්‍ෂයෙන් නෙරපා ඇති බවට ඉන්දීය මාධඨ්‍ය පවසයි.

ඉන්දීය රුපියල් කෝටි 3.58 ක්‌ වටිනා මෙම රන්කුට්‌ටි තොගය මෝටර් රියකින් ගෙන යන අවස්‌ථාවේ රාඡේන්ද්‍රන් සහ ඔහුගේ රියැදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රාඡේන්ද්‍රන් පක්‍ෂයෙන් පහ කරන ලෙස කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය විසින් නියෝග කර ඇත.

පොලිස්‌ අත්අඩංගුවට ගත් රියදුරු කේ. ගාන්ධි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ගෙන ආ රන් තොගය තොන්ඩි නගරයේදී තමා වාහනයට පටවා ගත් බවයි.